Skip to content


වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා ව්‍යාපාර සඳහා සුබසාධන සහ මානසික සෞඛ්‍යය උපකාර

වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා ව්‍යාපාර සඳහා සුබසාධන සහ මානසික සෞඛ්‍යය උපකාර වෙනුවෙන් මිලියන $26 ක්

වැඩසටහනසම්බන්ධදළ  විශ්ලේෂණය

මෙම වැඩසටහන මගින්, කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අභියෝගයන් හට මුහුණදෙන වික්ටෝරියානු වැසියන් හට කොරෝනා වයිරස් (COVID-19) මගින් ඇතිවන බලපෑමට මුහුණදීම සඳහා ඔවුනට අවශ්‍ය මානසික සෞඛ්‍යය උපකාර ලබාගත හැකිවේ.

  • St John ගිලන් රථ මානසික සෞඛ්‍යය සහ අර්බූද උපකාර පුහුණුව

අමතර වැඩ සටහන් යථා කාලයේදී එළිදරව් කරන අතර විස්තර මෙම පිටුවෙහි සඳහන් කරනු ඇත.

මානසික සෞඛ්‍යය උපකාර සඳහාවු ක්‍ෂණික ප්‍රවේශය සඳහා ව්‍යාපාරවල මානසික සෞඛ්‍යය (Mental health in business) වෙබ් අඩවිය වෙත යන්න.

St John ගිලන් රථ මානසික සෞඛ්‍යය සහ අර්බුද උපකාර පුහුණුව

St John ගිලන් රථ පිළිගත් මානසික සෞඛ්‍යය සහ අර්බුද උපකාර පුහුණුව වාණිජ මණ්ඩලය, ව්‍යාපාර සංවිධාන හෝ ව්‍යාපාර ජාලවල වැදගත් තනතුරු දරන වැදගත් සාමාජිකයන් හට ලබාගත හැකිය.

පුහුණුව මගින් එයට සහභාගිවන අයට පහත දේ ලබාගැනීමට උපකාරවේඃ

  • සුබසාධනය හෝ මානසික සෞඛ්‍යය අභියෝගයන්වලට මුහුණ දෙන පළාතේ ව්‍යාපාර ප්‍රජාව හට උපකාර කිරීම සඳහා අවශ්‍ය හැකියාව ගොඩනැගීම
  • සහභාගිවන අයව ජාතික වශයෙන් පිළිගනු ලැබූ මානසික සෞඛ්‍යය සම්බන්ධ මුල් ප්‍රතිචාර සම්බන්ධ සුදුසුකම් ඇති අය බවට සහතික කිරීම
  • කුඩා ව්‍යාපාර කරන අය සහ ප්‍රජාවේ වෙනත් සාමාජිකයන් හට ලබාගත හැකි සුබසාධනය සහ මානසික සෞඛ්‍යය උපකාර සම්බන්ධ දැනුවත්භාවය වර්ධනය කිරීම.

උනන්දුව ලියාපදිංචි කරන්න

වැඩිදුර උපකාර

සාමාජිකයන් හට ආපදා තත්වයේ සිටින අය හදුනාගෙන ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂඥ උපදේශකයන් සහ කාර්ය මණ්ඩලය හට වැඩ කරන අතර ලබාදෙන පුහුණුව ලබාදීම සඳහා කර්මාන්ත සහ ව්‍යාපාර සංවිධාන හට ක්‍ෂණික ප්‍රවේශය සඳහා මානසික සෞඛ්‍යය විශේෂඥයන් ඇතුළත් කරනු ඇත.

සුබසාධනයේ හවුල්කරුවන් (Partners in Wellbeing) යන දුරකථන හොට්ලයින් මාර්ගය පීඩනයට පත් ව්‍යාපාර හිමිකරුවන්හට ව්‍යාපාර උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන් හට නොමිළේ ප්‍රවේශය ලබාගත හැකි ආකාරයට දීර්ඝ කෙරෙනු ඇත.

එහි පැය ගණන ඉක්මණින්ම සෑම රාත්‍රියකම සහ සති අන්තයේද ප.ව. 10 දක්වා දීර්ඝ කරනු ඇත. ඔබ පීඩාවට පත්ව සිටීනම් හෝ ඔබගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් උත්සුකුව සිටීනම්, දුරකථන අංක 1300 375 330 ඔස්සේ සුබසාධනයේ හවුල්කරුවන් (Partners in Wellbeing) අමතන්න. ඉල්ලා සිටියහොත් භාෂා පරිවර්තන සේවා ලබාගත හැකිය.

මෙම උපකාර සේවා අගෝස්තු මාසයේ හදුන්වා දෙන අතර, 2022 තෙක් ලබා දීමට අපේක්‍ෂා කෙරේ. අවශ්‍යතාවය සහ අනාගත තත්වයන් මත වැඩිදුර සේවා ලබාදීමට කටයුතු කරනු ඇත.

මෙම අමතර සේවා සම්බන්ධ වැඩිදුර විස්තර යථා කාලයේදී ලබාදෙන අතර තොරතුරු මෙම පිටුවෙහි සඳහන් කරනු ඇත.

ඔබගේ භාෂාවෙන් Business Victoria සමඟ සම්බන්ධවීමට, දුරකථන අංක 13 14 50 ඔස්සේ TIS National අමතා, Business Victoria හොට්ලයින් (13 22 15) ඉල්ලා සිටින්න.

Close quick view window