වැඩසටහන ගැන

කොරෝනා වෛරසය (COVID -19) පැතිරීම අඩුකිරීම සඳහා උදව් කිරීමට පැනවූ සීමාකිරීම් හේතුවෙන් බලපෑම් ඇතිවූ කුඩා ව්‍යාපාර යථා තත්වයට පත්කිරීමේදී ඇතිවෙන ආර්ථික අභියෝගවලට මුහුණදීමට සහය දීම සඳහා ව්‍යාපාරවලට උපදෙස්දීමේ වැඩසටහනක් වික්ටෝරියානු ආණ්ඩුව Victorian Chamber of Commerce and Industry (VCCI) සමග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියි.

මෙම වැඩසටහන මගින්, සුදුසුකම් ලබන ව්‍යාපාර හිමියන්ට පළපුරුදු දැනුම ඇති වෘතීයවෙදියෙකු සමග එක වැඩසටහනකට පැය 2 බැගින් උපදේශන සැසි හතරක් ලබාගැනීමට හැකිවෙන අතර එම පුද්ගලයා විසින් ඔවුන්ගේ ව්‍යාපාරවල අනාගතය ගැන නිවැරදි දැනුවත් තීරණ ගැනීමට උදව් කරයි.

වැඩසටහන විසින් සැලසුම්කල මගපෙන්වීම් ප්‍රදානය කරන මාතෘකා නම්:

  • ව්‍යාපාර ප්‍රතිසාධනය - ව්‍යාපාර ප්‍රතිසාධනය ශක්තිමත් කිරීමට (පිරිවැය අඩුකිරීම, ණය සහ අය-වැය කළමනාකරණය)
  • වෙළඳපොල වෙනස්වීම - කොරෝනා වෛරසය (COVID-19) වෙළඳපොළෙහි වෙනස්වීම් වේගවත් කිරීම හෝ ප්‍රශ්නකාරී තත්වයට පත්කර ඇත්තේ කෙසේදැයි තේරුම් ගැනීමට
  • ඩිජිටල් සාක්ෂරතාවය සහ එමගින් පාරිභෝගික සම්බන්ධතා ඇතිකරගැනීම - ව්‍යාපාරවලට අලුත් ගනුදෙනුකරුවන් සහ වෙළදපොළවලට ලඟාවීමට උදව් කිරීමට
  • වෙළඳපොල සහ සැපයුම් දාමය විවිධාංගීකරණය - සැපයුම් දාමයට සම්බන්ධ අවදානම් වලට ලක්වීම අඩුකිරීමට
  • නැවත හැකියාව ලබාදීම සහ නැවත පුහුණු කිරීම - ඔවුන්ගේ ව්‍යාපාරයෙහි දැනට සිටින සේවකයින්ගේ හැකියාවන් ඉහල නැංවීම සඳහා ව්‍යාපාරවලට උදව් කිරීමට

අයදුම්පත සකස් කිරීමට VCCI වෙබ් අඩවියට ගොස් ගොස් ‘Apply now’ බොත්තම ඔබන්න.

ලබා ගත හැකි සහාය කුමක්ද?

සුදුසුකම් ලබන ව්‍යාපාරික හිමියන්, අත්දැකීම් ලැබූ මනා දැනුමක් ඇති වෘතීයවෙදියෙකු සමග සම්බන්ධ කර, ඔහුගෙන් මාස තුනක කාලයකදී පුද්ගලික උපදේශන සැසි හතරක් දක්වා ලබාගැනීමට ඉඩ සලසා දෙනු ඇත. එක් හමුවීමක් පැය දෙකක් පවතී. උපදේශන සැසි දුරකතනයෙන්, වීඩියෝ සාකච්ඡා සහ අවශ්‍ය නම් මුහුණට මුහුණ හමුවී පවත්වයි. උපදේශකවරයෙක් ලබාදීමට පෙර, අයදුම්කරුට කෙටි ප්‍රශ්ණ පත්තරයක් සම්පුර්ණ කිරීමට ඉල්ලා සිටින අතර එමගින් ඔවුන්ගේ ව්‍යාපාරය නැවත ගොඩනැගීමට අවශ්‍ය විශේෂ දේවල් තක්සේරු කිරීමට සැලසුම් කර ඇත.

මූලික සැසිවලින් පසුව, අයදුම්කරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාරවල පුද්ගලික අවශ්‍යතාවලට අනුව, උපදෙස් සහිත විශේෂයෙන් පිළියෙල කල විස්තරාත්මක ක්‍රියා සැලසුමක් සපයනු ලබයි.

අවශ්‍ය වූ විට අයදුම්කරුවන්ව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා තවදුරටත් උදව් ලබාගැනීම සඳහා සම්බන්ධ කරනු ඇත.

මෙයට මුල්‍යමය ප්‍රශ්ණ විසඳාගැනීමේ සහාය, අන්තර්ජාල විශේෂඥ සහය සහ පුහුණු කිරීම, සහ මානසික සෞඛ්‍යයට උදව් කිරීම සහ පුහුණුව ලබාදීම ඇතුලත්විය හැක.

ඉන්පසු උපදේශකවරයා විසින් ඔවුන්ගේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට ඊලඟ මාස තුන ඇතුලත නැවත සොයාබැලීමේ සැසි තුනක් වෙන්කරනු ඇති අතර, අවශ්‍ය ආකාරයට අමතර උදව් සහ මගපෙන්වීම සපයනු ඇත.

ව්‍යාපාර සඳහා වාසි

මෙම වැඩසටහන ව්‍යාපාරවලට උදව් කරයි:

  • ප්‍රතිසාධනය, වෙළඳපොල වෙනස්වීම්, ඩිජිටල් සාක්ෂරතාවය, සැපයුම් දාමය විවිධාංගීකරණය සහ දැනට වැඩකරන සේවකයින්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අභිමතකරණය කළ උපාය මාර්ග ගොඩනැගීම
  • අවදානම් සහ මුදල් නාස්තිය අඩුකිරීම
  • රජයේ  අනෙකුත් උදව් සහ ප්‍රාදේශීය වෘත්තීය සේවාවල්වලට සම්බන්ධ කිරීම

වැඩසටහන සඳහා ඉල්ලුම්කල හැක්කේ කුමන වර්ගයේ ව්‍යාපාරවලටද?

පූර්නකාලින සේවකයන් 20 කට වඩා අඩු කුඩා ව්‍යාපාර හිමිකරුවන්ට වැඩසටහන විවෘත වෙයි. වැඩසටහනෙහි අරමුණ සඳහා, කුඩා ව්‍යාපාර අයිතිකරුවෙකු ගණයට තනි වෙළෙන්දෙක්, හවුල් ව්‍යාපාරයක්, පුද්ගලික සමාගමක් හෝ කුඩා ව්‍යාපාරයක් මෙහෙයවන භාරකාර අරමුදලක් ඇතුලත් විය හැක. පූර්නකාලිනව වැඩ කරන්නන් විසිදෙනෙකු යනු සියලුම සේවකයින් විසින් වැඩකරපු සාමාන්‍ය පැය ගණනෙහි එකතුවයි (අර්ධකාලීනව හෝ පූර්ණකාලීනව)Australian Bureau of Statistics විසින් සාමාන්‍ය පැය ගණන නිර්වචනය කර ඇත.

එසේම ව්‍යාපාර:

  • ක්‍රියාකාරී ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික අංකයක් (ABN) තිබිය යුතුයි
  • පොදු සමාගමක්, පුණ්‍ය කටයුතු කරන ව්‍යාපාරයක් (ලාබ ලැබීමට ක්‍රියානොකරන එකක්) හෝ ඉඩමට බදු අය කරන ආයතනයක් නොවිය යුතුයි Body Corporate and Community Management Act 1997
  • නැවත Victoria වල ගොඩනැගීමට හෝ කටයුතු කරගෙනයාමට අදහස් කරගෙන සිටීම

අයදුම් කළ යුතු ආකාරය

අයදුම්පත සකස් කිරීමට VCCI වෙබ් අඩවියට ගොස් ‘Apply now’ බොත්තම ඔබන්න.

ඔබේ අයදුම්පත සම්පුර්ණ කිරීමට උදව් අවශ්‍ය නම්, කරුණාකර VCCI හී 03 8662 5333 ට කතා කරන්න.