Skip to content


රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින සහ සාප්පු වෙළද හෝරාවන්

2016 වික්ටෝරියානු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින පහත දක්වා ඇත

  • 2017 & 2016 වික්ටෝරියානු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින පහත දක්වා ඇත

2017 & 2016 වික්ටෝරියානු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින පහත දක්වා ඇත

නිවාඩු දින 2016 2017
අළුත් අවුරුදු දිනය ජනවාරි 1 වන සිකුරාදා ජනවාරි 1වන ඉරිදා සහ
2වන සඳුදා ( අතිරේක දින)
ඕස්ට්‍රේලියානු දිනය ජනවාරි 26 වන අඟහරුවාදා ජනවාරි 26 වන බ්‍රහස්පතින්දා
කම්කරු දිනය මාර්තු 14 වන සදුඳා මාර්තු 13 වන සඳුදා
මහ සිකුරාදා* මාර්තු 25 වන සිකුරාදා අප්‍රේල් 14 වන සිකුරාදා
පාස්කු ඉරිදාට පෙර සෙනසුරාදා මාර්තු 26 වන සෙනසුරාදා අප්‍රේල් 15 වන සෙනසුරාදා
පාස්කු ඉරිදා මාර්තු 27 වන ඉරිදා අප්‍රේල් 16 වන ඉරිදා
පාස්කු සදුඳා මර්තු 28 වන සදුඳා අප්‍රේල් 17 වන සඳුදා
ඇන්සැක් දිනය* අප්‍රියෙල් 25 වන සදුඳා අප්‍රේල් 25 වන අඟහරුවාදා
රැජිනගේ උපන්දිනය ජූනි 13වන සදුඳා ජූනි 12 වන සඳුදා
ඕස්ට්‍රේලියන් ෆුට්බෝල් ලීග් (AFL) ග්‍රෑන්ඩ් ෆයිනල් දිනයට පෙර සිකුරාදා සැප්තැම්බර් 30 වන සිකුරාදා සැප්තැම්බර් 29 වන සිකුරාදා
මෙල්බර්න් කප් දිනය** නොවැම්බර් 1 වන අඟහරුවාදා නොවැම්බර් 7 වන අඟහරුවාදා
නත්තල් දිනය* දෙසැම්බර් 25 වන ඉරිදා (අතිරේක ප්‍රසිද්ධ නිවාඩු දිනයකි- සීමා කරන ලද වෙළඳ දිනයක් *) 
දෙසැම්බර් 27 වන (අඟහරුවාදා සීමා කරන ලද වෙළඳ දිනයක් නොවේ*)
දෙසැම්බර් 25 වන සඳුදා
බොක්සිං දිනය දෙසැම්බර් 26 වන සදුඳා දෙසැම්බර් 26 වන අඟහරුවාදා

** මුළු වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන්,මෙට්රොපොලිටන් නොවන කවුන්සිල මගින් එම පළාත වෙනුවෙන් වෙනත් නිවාඩු දිනයක් පිළියෙල කර නැතිනම්

සටහනඃ ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී සියළුම ප්‍රසිද්ධ නිවාඩු දින නිවැරදි වන අතර වෙනස්වීමට ඉඩ ඇත.

*සීමාකරන ලද වෙළඳ දිනයන්

වික්ටෝරියානු නීතිය අනුව වසරකට සීමාකරන ලද වෙළඳ දින දෙකහමාරක් ඇතඃ

  • මහ සිකුරාදා
  • නත්තල් දිනය
  • ඇන්සැක් දිනයේදී පෙ.ව. 12.01 සහ ප.ව.1 අතර

මෙම දිනවල බැහැරකල සාප්පු පමණක් විවෘතව තැබීමට අවසර ඇත.

බැහැරකල සාප්පු යනු මොනවාද?

බැහැරකල සාප්පු යනු පහත අවශ්‍යතා සපුරාලන ව්‍යාපාරවේඃ

  • ඕනෑම සීමාකරන ලද වෙළඳ දිනයක් තුලදී සාප්පුවේ 20ක් හෝ අඩු ගණනක් සේවයේ යොදවා ඇති සහ
  • සීමාකරන ලද වෙළඳ දිනයට කලින් දින 7 ඇතුලත අදාල ව්‍යාපාරය සහ එයට සබඳකම් ඇති වෙනත් ව්‍යාපාර මගින් සේවයේ යොදවා ඇති සේවකයන්ගේ සංඛ්‍යාව 100ට වැඩි නොවීම.

සීමාකරන ලද වෙළඳ දිනයන්වලට ඇති බැහැර කිරීම්

සමහර ව්‍යාපාර ආකාර සීමාකරන ලද වෙළඳ දිනයන්ගෙන් බැහැර කර ඇත. එම ව්‍යාපාර වසර පුරා ඔවුනට අවශ්‍ය ඕනෑම අවස්ථා වක විවෘතව තැබිය හැකිය. බැහැරකර ඇති ව්‍යාපාර ආකාරනම්ඃ

  • ඔසුසල්
  • ඉන්ධන පිරවුම් හල්
  • අවන්හල්
  • කැෆේ
  • ටේක්අවේ අවන්හල්(Takeaway)
  • සේවා සපයන්නන්
  • කුලියට දෙන සාප්පු (වීඩියෝ සාප්පු ඇතුළු)

පරිවර්තන තෝල්ක සේවාව(Translating Interpreting Service) හෝ විට්ස් ලැන්ග්වේජ් ලින්ක්(VITS Language Link) 132215